සාම විනිසුරු පත්වීම් ප්‍රදානය

47

පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන යටතේ ක්‍රියාකාරී මාධ්‍ය සමාජ ගුරුභවතුන් තවදුරටත් සවිබල ගැන්වීමේ අරමුණින් මාධ්‍ය සමාජ භාර ගුරුභවතුන් සඳහා සාමවිනිසුරු පදවි පිරිනැමීම සිදුවිය. අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ආචාර්ය හර්ෂ බී. අබේකෝන් මහතා අතින්, මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ මාධ්‍ය ඒකකය භාර එච්. එම්. එම්. කුමාරි හෙන්නායක මහත්මිය පත්වීම භාර ගත් අවස්ථාව.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත්, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනපති උපාධියත් ලබා ඇති කුමාරි හෙන්නායක මහත්මිය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙස ද කටයුතු කරයි.
විශේෂයෙන් කොවිඩ් සමයේ දී එවක ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ ආචාර්ය සුමේධා ජයවීර විදුහල්පතිනියගේ අනුශාසකත්වය යටතේ ගෙනගිය කොවිඩ් දැනුවත් කිරීමේ වැඩසටහන්, කොවිඩ් සහන උපකාරක සේවා වැඩසටහන්, මාර්ගගත ත්‍යාග ප්‍රධානෝත්සවයන්, ශීල සමාදාන වැඩසටහන් , මාර්ගගත ධර්ම දේශනා වැඩසටහන් මෙන්ම 2021 පොසොන් පොහොය නිමිත්තෙන් පවත්වනු ලැබු මාර්ගගත ඩිජිටල් පොසොන් තොරණ හා භක්ති ගීත වැඩසටහන දිවයිනේ පාසලක් ප්‍රථම වතාවට මාර්ගගතව සිදුකරන ලද දැවැන්ත වැඩසටහන් විය. 2023 වසරේ පොසොන් පොහොය නිමිත්තෙන් මාධ්‍ය ඒකකය සංවිධානය කළ පොසොන් ඩිජිටල් තොරණ, භක්ති ගීත වැඩසටහන, මිහින්තලා අනුරුව ප්‍රදර්ශනය හා දන්සල පාසල් මාධ්‍ය ඒකකයක් එම වසරේ සංවිධානය කල දැවැන්තම වැඩසටහන් විය.

2023 කොළඹ විසාකා විද්‍යාලයීය මාධ්‍ය දින තරගාවලියේ දී දිවයිනේ හොඳම රූපවාහිනි වැඩසටහනට හිමි වීස්වර විශිෂ්ඨතා සම්මානයත්, 2023 කොළඹ D.S.සේනානායක විද්‍යාලයීය මාධ්‍ය දින තරගාවලියේ දී දිවයිනේ ජනප්‍රියම පාසල් ජනමාධ්‍ය ඒකකයට හිමි සම්මානයත්, 2023 කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයීය මාධ්‍ය දින තරඟාවලියේ දී දිවයිනේ ජනප්‍රියතම පාසල් ජනමාධ්‍ය ඒකකයට හිමි සම්මානයත් දිනා ගැනීමට මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයීය මාධ්‍ය ඒකකයට හැකිවිය.

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂය උගන්වන ගුරුවරියක් ලෙසත් මාධ්‍ය ඒකකය භාර ගුරුතුමිය ලෙසත් වසර ගණනාවක් පුරා සිදුකරන ලද සක්‍රීය වැඩකටයුතු අගයනු වස් එතුමිය මෙම සාමවිනිසුරු පදවියෙන් පිදුම් ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment