සාර්ක් මහ ලේකම් හා ජනපති අතර හමුවක්

56

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සාර්ක් මහලේකම් ගොලාම් සර්වාර් (Golam sarwar) මහතා අතර හමුවක් ඊයේ (12 දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. සාර්ක් රටවල් අතර ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘතිවලට අදාළව මතුව තිබෙන ගැටලු විසඳා ගැනීම පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර ඒ සඳහා අපක්ෂපාතීව මැදිහත් වන ලෙස ජනාධිපතිවරයා සාර්ක් මහ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය. මෙරට ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එහිදී සාර්ක් රටවලින් ලබාගත හැකි සහාය පිළිබඳව ද අවධානය යොමු විය.

advertistmentadvertistment
advertistmentadvertistment