සැමියා අතහැර ගිය සොවින් දෙදරු මව ගෙල වැලලා ගනී

79

සැමියා විසින් තමාව අතහැර ගොස් වෙනත් කාන්තාවක් සමග ජීවත් වීම ගැන කලකිරුණු යාපනයේ නෙල්ලිඅඩි රූමකාඩු ප්‍රදේශයේ මවක් ගෙළ වැලළාගෙන 17 දා මියගොස් තිබේ.

ගුණසීලන් ආනන්දි නැමති මෙම කාන්තාව 35 වැනි වියේ පසුවන අතර ඇයට වයස අවුරුදු 14 ක හා 8 ක පිරිමි දරුවකු හා ගැහැණු දරුවකු සිටියි.

ඇගේ ස්වාමියා කාලයක සිට වෙනත් කාන්තාවක් සමග අනියම් ඇසුරක් පවත්වා ඇති අතර ඒ ගැන කිපී මෙම කාන්තාව ඔහු සමග රණ්ඩු කිරීමෙන් පසුව ස්වාමි පුරුෂයා විවාහක කාන්තාව අතහැර අනියම් ඇසුරක් පැවැත්වූ කාන්තාව ළඟට ගොස් ජීවත් වන්නට පටන්ගෙන තිබේ. මේ සිද්ධිය නිසා දින කීපයක් දැඩි ශෝකයෙන් සිටි කාන්තව නිවසේ කවරෙකුවත් නොමැති අවස්ථාවක් බලා නිවසේ බාල්කයක එල්ලී සිය දිවි හානි කරගෙන තිබේ.

මියගිය කාන්තාවගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා නෙල්ලිඅඩි පොලිසිය විසින් පේදුරුතුඩුව රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර පරීක්ෂණ කටයුතු වලින් පසුව අවසන් කටයුතු සිදු කිරීම පිණිස කාන්තාවගේ මළ සිරුර ඥාතීන් වෙත බාර දී තිබේ. නෙල්ලිඅඩි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සාක්කි සටහන් කරගන්නා ලදී.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment