බහින් බස්වීම ගිය දුරක්…
අඹු සැමියන් දෙදෙනා අතර ඇතිවූ බහින් බස් වීමක් දුර දිග යෑමෙන් තංගල්ල පොළොන්මාරුව ප්‍රදේශයේ දී සැමියා විසින් තියුණු අයුධයකින් පහරදී ගෙල කපා තිදරු මවක් වූ තම බිරිඳ අමානුෂික ලෙස ඝාතනය කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පැවැසීය.
පෙරේදා (03 දා) සවස 02ට පමණ ඔවුන් පදිංචි නිවස තුළදී මෙම ඝාතනය සිදුව තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තංගල්ල, පොළොන්මාරුව උතුර, අංක 44/2, යන ලිපිනයේ පදිංචිව සිටි මහ මඩපලපුවගේ සුජීවා සුරංගි නමැති 49 හැවිරිදි කාන්තාවය.
සැකකාර සැමියා ධීවරයකු වන අතර, ඔහු තම බිරිඳ ඝාතනයට යොදාගත් මාලු කපන පිහිය සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තංගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයෙහි පොලිස් නිලධාරීන් විසින් සිදු කෙරෙති.
දෙබරවැව – ඒ. ඒ. පේමසිරි