සිතුල්පව්ව ආලෝක පූජාව 37 වැනි වරටත් උපාලි සමූහ ව්‍යාපාරයෙන්

42

ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරයේ වාර්ෂික පොසොන් මහෝත්සවය 20, 21, 22 යන දිනවල පැවැත්වේ. අද (21) සවස එහි විදුලි ආලෝක පූජාව උපාලි සමූහ ව්‍යාපාරය මගින් 37 වන වරටත් පවත්වනු ලබයි. උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම මහතා විදුලි ආලෝක පූජාව විවෘත කරයි. සිතුල්පව්ව මඟුල් මහ විහාර ප්‍රතිසංස්කරණ දායක සභාවේ සභාපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, දායක සභාවේ උප සභාපති කැලණිය රජමහා විහාරයේ බස්නායක නිලමේ හා උපාලි සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ධම්මික ආටිගල මහතා ද තවත් ගිහි පැවිදි ආරාධිතයෝ ද ඊට එක්වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment