සිද්ධෞෂධ සමාගම Golden Inmediens සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

34

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද නිෂ්පාදන සමාගමක් වන සිද්ධෞෂධ පෞද්ගලික සමාගම Golden Inmediens Awards 2023 සම්මාන උළෙලේදී වසරේ හොඳම ආයුර්වේද සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර වූ අතර එම සමාගමේ නිෂ්පාදනයක් වන නීල්‍යාදී තෛලය වසරේ ජනප්‍රියම හිසෙහි ගල්වන තෙල් වර්ගය ලෙස සම්මාන ලැබුවේය.

සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඒ. ඒ. හර්ෂුල චතුරංග විජේසුන්දර මහතා වෙත සම්මාන පිරිනමන ලදී‍. Golden Inmediens සම්මාන උළෙල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. යක්කල පොඩි රාලහාමි යන නමින් බොහෝ දෙනෙකු හැඳින්වූ ආයුර්වේද වෛද්‍ය ඒ. ඩී. සී. විජේසුන්දර මහතා 1968දී සිද්ධෞෂධ සමාගම ඇරඹීය. ඔහු දශක ගණනාවක් පුරා ආයුර්වේද වෛද්‍යවරුන් දහස් ගණනක් බිහි කළ ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලය ඇරඹූ කීර්තිමත් ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ මහාචාර්ය ජී. පී. වික්‍රමාරච්චි මහතාගේ ඥාති පුත්‍රයෙකි. සිද්ධෞෂධ සමාගම වර්තමානයේදී 100කට වැඩි පිරිසකට රැකියා සපයා තිබේ.

උසස්ම තත්ත්වයේ ආයුර්වේද ඖෂධ සහ අනෙකුත් සේවා සපයන සිද්ධෞෂධ සමාගම නවීන තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදනය කරන ස්වාභාවික ශාකසාර වටිනාකමින් පිරි ඖෂධ දේශීය සහ විදේශීය පාරිභෝගිකයන්ට සැපයීමට කැප වී සිටී. දේශීය සහ විදේශීය ප්‍රමිතිවලට අනුව නිෂ්පාදනය කරන එම සමාගමේ නිෂ්පාදන 1,000කට වැඩි අලෙවිකරුවන් පිරිසක් හරහා දිවයින පුරා බෙදා හැරේ. නවීන තාක්ෂණයෙන් හෙබි ඔවුන්ගේ කර්මාන්තශාලාවේ දිනපතා ඖෂධ නිපදවන බැවින් අවශ්‍ය ඖෂධ හෝ වෙනත් නිෂ්පාදන ඕනෑම ප්‍රමාණයක් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment