SLIM -KANTAR ජනතා සම්මාන 2022-වසරේ සුපිරි වෙළෙඳසැල් සන්නාමය කාගිල්ස්

81

කාගිල්ස් ෆුඞ් සිටි වසරේ මහ ජනතාව වඩාත් ප‍්‍රියකල සුපිරි වෙළඳසැල් සන්නාමය බව

පසුගියදා තහවුරු විය. මෙම වසරේ සම්මාන උළෙල ‘ Heart Share’ යන තේමා පාඨය යටතේ පැවැත්වුනු අතර, එය ශ‍්‍රී ලාංකිකයන් සමඟ සංවේදී බැඳීමක් ඇති කර ගැනීමේ වැදගත්කම සිහි කැඳවන්නක් විය.

කාගිල්ස් ෆුඞ් සිටි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සුපිරි වෙළඳසැල් ජාලයයි. එය ලංකාවේ දිස්ත‍්‍රික්ක 25 තුළම ශාඛා ඇති එකම පෞද්ගලික සිල්ලර වෙළඳසැල් ජාලයයි. අගයන් එකතු කිරීමේ වැදගත්කමට සංවේදී වන කාගිල්ස් ෆුඞ් සිටි, ලංකාව පුරා සිටින ගොවි ජනතාව සහ කුඩා සහ මධ්‍යම පරිමාණ සමාගම් වෙනුවෙන් අලූත් වෙළෙඳපොළවල් නිර්මාණය කර,

පාරිභෝගිකයන්ගේ ජීවන වියදම අඩු කිරීමටද උත්සහ දරයි. මෙය සිදු කරන්නේ උපරිම වටිනාකමකින් යුත් භාණ්ඩ අඩුම මිලට දිවයින පුරා පිහිටි ෆුඞ් සිටි ශාඛා ජාලය හරහා ලබාදෙමිනි. 16 වැනි ජනතා සම්මාන (People’s Awards) උළෙල ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් සංවිධානය කර තිබුනි.

ඡායාපයෙන් දැක්වෙන්නේ කාගිල්ස් ආයතනයේ සිල්ලර භාණ්ඩ අලෙවි අංශ ප‍්‍රධාන කළමනාකරු සංජීව ප‍්‍රනාන්දු මහතා සම්මානය ලබාගන්නා ආකාරයයි.

advertistmentadvertistment
advertistmentadvertistment