සිනමා ලේඛක ජීවන්ත දයානන්ද විසින් විරචිත ප්‍රවීණ සිනමා රූපණවේදී සහ සිනමාවේදී සනත් ගුණතිලකයන්ගේ දශක හතරක් ඉක්මවා ගිය අභිමානවත් සිනමා දිවියෙන් තෝරාගත් චරිත විස්සකින් පළමු චරිත හත විමසන ‘සනත් චරිත හතක්’ නමැති කෘතියත්, ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකරයන්ගේ සිනමාව විමසන ‘වසන්තගේ සිනමාව – මානව සහ සමාජ කතිකාවක්’ නමැති කෘතියත් ඔක්තෝම්බර් මස 16 වැනි බදාදා සවස 3.00 ට කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයේදී ජනගත කෙරේ.
‘සනත් චරිත හතක්’ මාධ්‍ය මීඩියා පබ්ලිකේෂන්ස් වෙනුවෙන් මහින්ද ඇතුළුවගේ ප්‍රකාශයට පත් කරන අතර වසන්තගේ සිනමාව – මානව සහ සමාජ කතිකාවක් නබෝ ප්‍රකාශන වෙනුවෙන් ළහිරු රන්දික ලියනගේ ප්‍රකාශයට පත් කෙරේ. ජනගත කෙරෙන කෘතීන්ට අදාළව ප්‍රවීන සිනමා විචාරයකු වන ගුණසිරි සිල්වා, නව පරපුරේ සිනමාවේදියකු සහ කලා විචාරකයකු වන චින්තන ධර්මදාස දේශන පවත්වති. තවද ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකරයන්ගේ සිනමාව විමසන වසන්ත – සත් සමුදුරෙන් ඔබ්බට නමැති වාර්තා චිත්‍රපටය එදින ප්‍රදර්ශනය කෙරේ.