කිළිනොච්චියේ ඇඟලූම් කම්හලක සේවිකාවෝ 27ක් හදිසියේ රෝගී වෙති

115

දිනසේන රතුගමගේ
 
 කොරෝනා මර්දන එන්නත ලබා ගත් කිළිනොච්චියේ ඇඟලූම් කම්හල්වල සේවක සේවිකාවන් 27 දෙනකු අසාත්මිකතාවයක් හේතුවෙන් කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.
 
 ඔවුන් එන්නත පෙර දිනයේදී ලබාගෙන සේවය සඳහා පැමිණීමෙන් පසුව හිසරදය, ඔක්කාරය හා හිස කැරකවීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා ඔවුන්ව ඇගලූම් කම්හල්වල වාහනවල දමාගෙන විත් රෝහල් ගත කොට තිබේ. මේ පිළිබඳව කිළිනොච්චිය රෝහලෙන් විමසූ විට එහි කාර්ය භාර වෛද්‍යවරයා පැවසුවේ රෝගීන් යම් අසාත්මිකතාවක් හේතුවෙන් රෝහල් ගත කොට ඇතත් එය එන්නත් විෂවීමක් නිසා සිදු වූවක්ද යන්න ස්ථිර වශයෙන්ම තමන්ට ප‍්‍රකාශ කළ නොහැකි බවයි. ඇඟලූම් කම්හලේ එක් සේවකයකු ප‍්‍රකාශ කළේ එන්නත ලබා ගැනීමට පෙර මේ කිසිඳු අයෙකු අසාත්මිකතාවකින් නොපෙළුණු බවත් එන්නත් ලබා ගැනීමෙන් පසුව පිරිසක් රෝගී වී ඇති බවත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment