සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනයක්

396

අද (30 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇත. ඉන්ධන වර්ග දෙකක මිල ගණන් නොවෙනස්ව පවතී. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් අඩුකර ඇත. එහි නව මිල රුපියල් 344කි.ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල 41කින් අඩුකර ඇත. එහි නව මිල රුපියල් 379කි.සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් අඩු කර තිබේ.එහි නව මිල රුපියල් 355 කි.ඔටෝ ඩීසල් සහ භූමිතෙල් මිල වෙනස්කර නොමැත.ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 317කි. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 202 කි.

advertistmentadvertistment
advertistmentadvertistment