සිරි දළදා දැක්ම හෙටින් අවසන්

27

දීර්ඝ කිරීමක් කරන්නේ නැහැ – දියවඩන නිලමේගෙන් විශේෂ ප්‍රකාශයක්

සිරි දළදා දැක්ම හෙටින් අවසන්

සැලසුම් කළ පරිදි ‘සිරි දළදා වන්දනාව’ හෙට (27දා) දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා ඊයේ (25දා) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.

ලොව පුරා බෞද්ධයන්ගේ නොමද ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩවන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ පින්සාර අවස්ථාව ශ්‍රි ලාංකිකයන්ට පසුගිය 18 වැනිදා සිට උදාවූයේ වසර 16කට පමණ පසු බව ද ඒ මහතා කියා සිටියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙවැනි වරටත් මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් සහ දියවඩන නිලමේවරයා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මහජන සුභසිද්ධිය තකා මෙම තීරණය ගත් බව ද දියවඩන නිලමේවරයා කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, සමන්තී වීරසේකර සහ සිරිල් විමලසුරේන්ද්‍ර


advertistmentadvertistment