විදුලි රැහැන් කණුව පෙරඵෑ අලියා විදුලිසර වැදී මරුට

57

මිහින්තලේ මරදන්කල්ල ප්‍රදේශයේ විදුලි රැහැන් කණුවක් පෙරලූ වන අලියකු එම විදුලි කණුවේ ඇද තිබූ විදුලි රැහැන් කැඩීමට යෑමේ දී විදුලි සර වැදී මියයන්නට ඇතැයි සැක කෙරෙන මියගිය වන අලියකුගේ සිරුරක් හමු වූ බව මිහින්තලේ වනජීවී කාර්යාලය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු හතළිහක් පමණ වන හොඳට වැඩුණු වන අලියෙකි.

අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය කාර්යාලයේ අනුරාධපුර කලාප භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා විසින් වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණ.
තිරප්පනේ – සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment