සිරි දළදා වන්දනා 18දා සිට

250

මහනුවර ශ්‍රී දළදා සමිඳුන් දෑසින් දැක වැඳපුදා ගැනීමේ මහජන වරම එළඹෙන 18දා සිට 28 වැනි දින තෙක් උදාවන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා පවසයි.

ආරම්භක දිනයේ පස්වරු තුනේ සිට පස්වරු පහ දක්වාත් අප්‍රේල් 19 වැනි දින සිට අප්‍රේල් 28 දින දක්වා දහවල් දොළහේ සිට පස්වරු පහ දක්වාත් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමේ අවස්ථාව හිමිවන බව හෙතෙම ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා කිසිදු විශේෂ අවසර පත්‍ර නිකුත් කිරීමේ කටයුත්තක් සිදු නොවන බවද අප්‍රේල් 18 සිට තිස් දහසක පිරිසකට දළදා මාලිගේ විසින් ආහාර පාන ලබාදීමේ දන්සලක් රාත්‍රියේදී ක්‍රියාත්මක කෙරෙන බව ද දියවඩන නිලමේවරයා කියා සිටියේය.

දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන දින දහයක කාලය තුළ මහජන ආරක්ෂාව සඳහා ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පොලිසිය විසින් ඉදිරියේදී දැනුවත් කරනු ඇත.

සමන්ති වීරසේකර


advertistmentadvertistment