සීදූව ප්‍රදේශයේ හෝටලයක පෙරේදා (22දා) රාත්‍රියේ පැවැති මුහුණුපොත් සාදයක් වටලා මත්ද්‍රව්‍ය තොගයක් සමග 76 දෙනකු අත්අඩංගුවට ගත් බව සීදූව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් අතර තරුණියෝ 15 දෙනෙක්ද වෙති. අත්අඩංගුවට ගත් වැඩි දෙනකු විවිධ පළාත්වලින් පැමිණ සිටි අය බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.
කේරළ ගංජා, අයිස්, හෙරොයින්, මත්පෙති සහ නීතිවිරෝධීව ගෙන්වූ සිගරට් තොගයක් ද මෙහි තිබී පොලිස් භාරයට ගෙන තිබේ.
සාදයට සහභාගි වූ තරුණියන් පිරිසක්ද පොලිසිය එහි යන විට මත්ද්‍රව්‍ය පානය කර සිට ඇත.
මීගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් වැටලීම සිදුකර තිබේ.
නෝමන් පලිහවඩන