ජනාධිපති අරමුදලේ සිදුවී ඇතැයි කියන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ.. (21දා) පැය .07ක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.
ජනාධිපති අරමුදල හරහා විවිධ දේශපාලනඥයන් ඇතුළු ප්‍රභූන් රැසක් අක්‍රමවත් අයුරින් රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගෙන ඇති බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාව සිටි කාලසීමාවේදී සිදුවී ඇතැයි කියන මෙම මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පවත්වන විමර්ශනය සඳහා ඊයේ පෙනී සිටින ලෙස ඒ මහතාට දැනුම් දීමක් කර තිබිණි.
ඒ අනුව ඊයේ පෙරවරු 10.00 ට පමණ ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.
හේමන්ත රන්දුණු