දකුණු සුඩානයේ ෆන්ගක් ප්‍රාන්තයේ රෝහලකට සහ වෙළඳපොළකට සිවිල් යුධ කණ්ඩායමක් විසින් එල්ල කර බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් හත් දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ . ප්‍රහාරයෙන් පුද්ගලයන් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව එම වාර්තාවල සඳහන්ය .
ජොන්ග්ලෙයි ප්‍රාන්තයේ ” ඕල්ඩ් ෆන්ගක් ” හි පවත්වාගෙන යන රෝහලේ ඔසුසලට හෙලිකොප්ටර් ප්‍රහාරක යානා බෝම්බයක් හෙළා , එය ගිනිබත් කර විනාඩි 30 ක් නගරයට වෙඩි තබා ඇත . ඉන්පසු ඩ්‍රෝන යානයක් දේශීය වෙළඳපොළකට බෝම්බ හෙලා ඇත .
මෙම ප්‍රාන්තයේ ඇති එකම රෝහල මෙය වන අතර මෙම ප්‍රහාරයත් සමඟ එහි සියලුම වෛද්‍ය සැපයුම් විනාශ වී ඇති තිබෙනවා.
දේශසීමා නොමැති වෛද්‍යවරුන්ගේ (MSF) ප්‍රකාශක මමන් මුස්තාපා BBC හි Newshour වැඩසටහනට පැවසුවේ තවමත් කරුණු තහවුරු කිරීමට උත්සාහ කරන බවයි . සිද්ධියට මුහුණ පෑ අය පවසා ඇත්තේ ගුවන් යානා “රජයේ හමුදා හෙලිකොප්ටර්” බවයි.
සුඩාන රජය විසින් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .