සූර්ය බල බැටරි හුවමාරු කිරීමේ නවමු සංකල්පය සම්මාන ලබයි

69

USAID අරමුදල් යොදා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා බලශක්ති ව්‍යාපෘතිය (SLEP), ජාත්‍යන්තර සංවර්ධන වෘත්තිකයන් සඳහා වන ප්‍රමුඛතම එක්සත් ජනපද උත්සවය වන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන සංගමයේ (SID) වාර්ෂික සම්මන්ත්‍රණයේදී ඉහළතම ගරු සම්මාන ලද බව එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ. මෙම සම්මානය පිරිනමන ලද්දේ ශ්‍රී ලංකාවේ ස්ලිං මොබිලිටි පෞද්. සමාගමේ හිමිකාරිත්වය සහ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන නවමු සංකල්පයක් වන සූර්ය බල බැටරි ආරෝපණය කර හුවමාරු කිරීමේ මධ්‍යස්ථාන සඳහා විශේෂ පිළිගැනීමක් ලබාදෙමිනි. එහිදී කොළඹ පිහිටි කාන්තා පර්යේෂණ කේන්ද්‍රයේ ක්‍රියාකාරකම් සඳහා සහය දෙන්නට ආදායම් උත්පාදනය කරමින් එම කේන්ද්‍ර භූමියේ පිහිටා ඇති බැටරි හුවමාරු මධ්‍යස්ථානය විශේෂයෙන් අවධානයට ලක්විණි.

එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් එම නවෝත්පාදන තරගයේ SLEP සහ ස්ලිං මොබිලිටි නියෝජිතයන් වෙත පිරිනැමිනි. කොළඹ කාන්තා පර්යේෂණ කේන්ද්‍රයේ පැවැති උත්සවයකදී එ.ජ.තානාපති ජුලී චංග් මහත්මිය නවෝත්පාදන තරගයේ සම්මානය SLING ප්‍රධාන විධායක නිලධාරී ලව් යාදව් මහතා සහ ශ්‍රී ලංකා බලශක්ති ව්‍යාපෘතියේ (Sri Lanka Energy Project) නියෝජිත කෝසල ගුණවර්ධන, කංචන විජේසේකර ඇමැතිවරයා සමග ඊට එක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment