සූරියවැව වැවේගමදී පිය පුතු ආරවුල දුරදිග ගොස් පියා පුතාට වෙඩි තබයි

108

සූරියවැව වැවේගම ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් මත පියෙකු විසින් 11 දින සවස සිදු කළ වෙඩි තැබීමකින් ඔහුගේ 30 හැවිරිදි පුතු තුවාල ලබා ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.

මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ සූරියවැව, වැවේගම පදිංචි 30 හැවිරිදි දම්මලගේ ඉසුරු මදුෂංක (පුතා) නමැති අයයි.

30 හැවිරිදි පුතු හා ඔහුගේ පියා අතර කලක සිට පැවති ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වි ඇත. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුතු වැවේගම සිය නිවස අසල පිහිටි වගා භූමියේ සිටියදී බීමත්ව එම ස්ථානයට පැමිණ ඇති පියා විසින් මෙරට නිෂ්පාදිත කොටන තුවක්කුවකින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 30 හැවිරිදි පුතු ප්‍රදේශවාසීන් එක්ව ප්‍රතිකාර සඳහා සූරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩි තැබීම සිදුකළ පියා මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න, සූරියවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සුසන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් (ීSOCO) පැමිණ ස්ථානීය පරීක්ෂණ සිදු කළහ.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment