සේමිණි ඉද්දමල්ගොඩ අත්අඩංගුවට 

1435

රංගන ශිල්පිනී  සේමිණී ඉද්දමල්ගොඩ වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

 මූල්‍ය වංචා සම්බන්ධයෙන් වරෙන්තු 7කට අදාළ ඇය මෙලස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි .
පෞද්ගලික ආරක්ෂක සේවාවක් පවත්වාගෙන යමින් , එහි සේවය කළ අයට වැටුප් නොගෙවීමේ චෝදනා මත ඇයට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇත .
තංගල්ල, මාතර සහ කොළඹ යන අධිකරණවලින් අදාළ වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන්ය. දීර්ඝ කාලයක් එම වරෙන්තු වලට ප්‍රතිචාර දක්වා ඇය උසාවිය හමුවේ පෙනී සිට නැත .

ඊයේ (10) රාත්‍රියේ වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය අද (11) දිනයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


advertistmentadvertistment