සොරකමක් නිසා අලවතුගොඩ සමන් දේවාලයේ ඇසළ පෙරහැර නතරවන ලකුණු

381

වළගම්බා රජ සමයට අයත් වසර 700 කට වඩා ඉපැරණි මහනුවර අලවතුගොඩ ඓතිහාසික සමන් දේවාලය කඩා රජ සමයේ සිට එහි තැන්පත් කොට තිබූ මිල කළ නොහැකි කෞතුක වස්තුන් රැසක් සොරකම් කොට ඇති බව දේවාල බස්නායක නිලමේ කුලතුංග බණ්ඩාර පවසයි.
ඉතාමත් ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් මෙම අලවතුගොඩ සමන් දේවාලයේ දොර අගුළු කඩා ඊයේ රාත්‍රී හෝ අද අලුයම් කාලයේ ඇතුල් වී ඇති පිරිසක් කෞතුක වටිනාකමින් යුත් දේවාභරණ බුදුපිළිම මෙන්ම පින් කැටය පවා කොල්ලකා ඇති බව බස්නායක නිලමේවරයා වැඩිදුරටත් සඳහන් කරයි. මෙම දේවාභරණ නොමැතිව මෙවර වාර්ෂික ඇසළ පෙරහැර පැවැත්වීම පවා නැවැත්වීමේ අවදානමක් උද්ගතව පවතින බව ද සඳහන් කරයි.
මෙම දේවාලයේ ආරක්ෂාව සඳහා ග්‍රාම ආරක්ෂක නිලධාරීයෙක් අනුයුක්ත කොට ඇත. සොරකම සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.


advertistmentadvertistment