හයිබි්‍රඩ් අධිකරණයක් පිහිටුවීමේ ඉල්ලීම රජය ඉවත දමයි

135

හමුදා නිලධාරීන් 58 කට දඬුවම් කිරීමට හයිබි්‍රඩ් අධිකරණයක් ස්ථාපිත කරන ලෙස මෙරටට පැමිණ සිටින ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ආසියානු ප්‍රධානි රෝරි මුන්ගෝවන් කළ ඉල්ලීම රජය ප්‍රතික්‍ෂේප කර ඇත.

එවන් හයිබි්‍රඩ් අධිකරණයක් පිහිටුවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නීතිමය බලයක් දී නැතැයි රජය ඔහුට පෙන්වා දී තිබේ.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුදා නිලධාරීන් 58 කට යුද අපරාධ චෝදනා එල්ලකර ඇත්තේ ඒකපාක්‍ෂිකව බවද අනාවරණය වී ඇත.

රෝරි මුන්ගෝවන් ඇතුළු මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරීන් පිරිස විදෙස් කටයුතු ඇමැති අලි සබ්රි මහතා සමගද හයිබි්‍රඩ් අධිකරණය පිහිටුවීම ගැන සාකච්ඡා පවත්වා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment