තෙල්දෙණියේ කඩයක් මතට පස්කන්දක් කඩාවැටී දෙදරු මවක් මරුට

207

මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගයේ තෙල්දෙණිය සියබලාගස්තැන්න ප්‍රදේශයේ වෙළඳසලක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් එහි සිටි කාන්තාවක් මියගොස් ඇති බව තෙල්දෙණිය පොලිසිය පවසයි.

මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමග 4 දින රාත්‍රි 8.30ට පමණ මෙම පස් කන්ද වෙළෙඳ සල මතට කඩාවැටී ඇති අතර මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ නො: 112/6, සියඹලාගස්තැන්න, රඹුක්වැල්ල, තෙල්දෙණිය යන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 36 ක් වූ ආර්. එම්. නිර්මලා රත්නායක යන දෙදරු මවකි.

එම පස් කන්ද කඩාවැටීමෙන් කඩය විනාශයට පත්ව ඇති අතර කඩය තුළදී පස් කන්දට යට වීමෙන් ඇය මෙලෙස මියගොස් ඇති බව පොලිසිය පවසන අතර මෙම සිදුවීම වන අවස්ථාවේ පවුලේ අනෙකුත් සාමාජිකයන් වෙළෙඳ සලෙන් පිටතට පැමිණ ඇති අතර මෙම කාන්තාව පමණක් වෙළෙඳ සල තුළට ගොස් තිබෙන්නේ යම්කිසි දෙයක් රැගෙන එන්නටය. නමුත් ඒ සමගම පස්කන්ද ඇදවැටීමෙන් ඇය එයට යටවී ඇත. එම අවස්ථාවේ ප්‍රදේශවාසීන් බැකෝ යන්ත්‍රයක් මගින් එම පස් ඉවත්කර කාන්තාව එලියට ගෙන තෙල්දෙණිය මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් ඇය මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු තෙල්දෙණිය පොලිසිය මගින් සිදු කරනු ලබයි.

සමන්ති වීරසේකර සහ ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment