කොටස් වෙළෙඳපොළ අතරමග නවතී

156

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (13) පස්වරු 12.13 සිට අඩාල වී තිබේ.
මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ එස්එල්ටී ඬේටාසෙන්ටර් හි දෝෂයක් මීට හේතු වී ඇති බවයි.
මේ හේතුවෙන් කොටස් තැරැුව්කරුවන්ගේ පද්ධති මන්දගාමී වීමට හේතු වී ඇති අතර මේ තත්වය නිසා මිනිත්තු 15 ක පමණ කාලයක් කොටස් වෙලඳපොල නවත්වා සිදුව ඇත.
එසේම එක් තැරැුව්කාර සමාගමකට තාක්ෂණික අපහසුතාවක් මත කොටස් වෙළෙදපොල ගනුදෙනු පද්ධතිය සමඟ සමබන්ධ වීමට නොහැකි වීම හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පසුගිය අගෝස්තු 16 දින ද පෙරවරු 11.00 ට ආරම්භ කිරීමට නොහැකි වූ අතර පැයකට අධික කාලයක් යනතුරුත් එය යථා තත්ත්වයට පත් වී නොතිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment