සෞඛ්‍යයේ විගණන විමසුම් ගැන ලේකම්ගෙන් පිළිතුරු මදි – තාමත් වංචා දූෂණ – විගණකාධිපති කියයි

84

සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කරන විගණන විමසුම් සඳහා වත්මන් සෞඛ්‍ය ලේකම්වරයා සතුටුදායක පිළිතුරු ලබාදී නැතැයි, විගණකාධිපතිවරයා විසින් නිකුත් කළ නවතම විගණන වාර්තාවේ සඳහන් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් රැසකට දූෂණ අක්‍රමිකතා සම්බන්ධව 2015 වර්ෂයේ සිට විගණන වාර්තා මගින් චෝදනා එල්ල කර ඇතත්, එම නිලධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම නිසා අමාත්‍යාංශය තුළ බරපතළ දූෂණ වංචා සිදුවන බව මෙම නවතම විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

පසුගිය වකවානුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ප්‍රශ්නගත ඖෂධ වර්ග 75ක් සම්බන්ධයෙන් ගනුදෙනු සිදුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වත්මන් සෞඛ්‍ය ලේකම්වරයා නිශ්චිත පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට අසමත්ව ඇති බවත් පැවැසේ.

මේ වනවිට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන බාල ඖෂධ නඩුව සඳහා ද වත්මන් සෞඛ්‍ය ලේකම්වරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයම ප්‍රමාණවත් සහායක් ලබා නොදෙන බවට පසුගියදා නීතිපතිවරයා විසින් වාර්තා කර තිබිණි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment