හමාස් ග්‍රහණයට ගත් අනුලා මිය ගිහින් – තානාපති කාර්යාලය කියයි

526

ඊශ්‍රායල් පොලිසිය තහවුරු කරයි

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව සිටියදී හමාස් සංවිධානයේ ප්‍රාණ ඇපයට ගත් අනුලා ජයතිලක නමැති කාන්තාව මියගොස් ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

කැලණිය ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචිව සිට ඊශ්‍රායලයේ රැකියාවකට ගොස් සිටියදී ඇය පසුගියදා හමාස් ත්‍රස්තවාදීන් විසින් සිය ග්‍රහණයට ගෙන තිබිණි.

ඇය ජීවිතක්ෂයට පත්වූ බවට ඊශ්‍රායල් පොලිසිය ඊයේ (17 දා) තහවුරු කළ බවත් ඇයගේ දේහය දින දෙකක් තුළ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලබාදීමට නියමිත බවත් වාර්තා වේ.

සුජීව තත්ත්සර


advertistmentadvertistment