නව රජයට ඉල්ලීමක්
ත්‍රිවිධ හමුදාව සඳහා නිල ලාංඡන, සපත්තු ඇතුළු භාණ්ඩ ලබාගැනීමේදී මූල්‍ය අක්‍රමිකතා සිදුවී ඇති බවට චෝදනා එල්ල වන බවත් ඒවා සම්බන්ධයෙන් ද නව රජය මගින් විමර්ශන සිදු කරන ලෙසත් තතුදත් අංශ ඉල්ලා සිටී.
මෙම අක්‍රමිකතා සම්න්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ප්‍රධානීන් කිහිපදෙනකුට චෝදනා එල්ල වන බවත් විමර්ශනයක් සිදු කළහොත් ඒ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගත හැකි බවත් ඔවූහු පෙන්වා දෙති.
නිල ලාංඡන ලබාගැනීමේදී ආසියාතික රටක නියෝජිතයකු සඳහා 2000 වර්ෂයේ සිට ටෙන්ඩර් ලබාදීමට හිටපු ප්‍රධානීන් කිහිපදෙනකුම කටයුතු කර ඇති බව ද ඊට වඩා අඩු මුදලකට වෙනත් පුද්ගලයන්ට ඒවා සැපයීමට තිබූ අවස්ථාව ඉන් මඟහැරී ගිය බව ද ඔවූහු කියා සිටිති.
මේ ආකාරයෙන් සපත්තු සැපයීමේදී ද අක්‍රමිකතා සිදුව ඇති බවත්, නිසි වේලාවට සිය සැපයුම් ලබානොදුනහොත් ප්‍රමාද ගාස්තු අය කළ යුතු නමුත් ඇතැම් අයගෙන් ප්‍රමාද ගාස්තු අයකිරීම් සහ තවත් අයගෙන් එසේ නොකර කාලය දීර්ඝ කිරීම් සිදුකර ඇති බවත් ඔවූහු පෙන්වා දෙති.
චමින්ද සිල්වා