හයිටි රාජ්‍යයේ අගනුවර වන පෝට් අවු ප්‍රින්ස් නගරයේ වැඩි වෙමින් පවතින මැර කල්ලිවල හිංසාකාරී ක්‍රියාවන් හේතුවෙන් ඉකුත් සතිය තුළදී 150ක් පමණ දෙනා මියගොස් ඇති බව වාර්තා වී තිබේ.
හයිටි රාජ්‍යයේ අගනුවර වැඩි වෙමින් පවතින හිංසාකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් පෙරේදා (20) දිනයේ වාර්තාවක් නිකුත් කර ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලය සඳහන් කරන්නේ මියගොස් ඇති 150 දෙනාගෙන් සියයට 55ක්ම මැර කල්ලි සාමාජිකයන් හා පොලිසිය අතර සිදු වූ වෙඩි හුවමාරුවීම්වලදී මියගොස් ඇති බවයි.