ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ඊයේ (14) ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ, තමා වෙනුවෙන් රජය මාසිකව රුපියල් කෝටියකට වඩා වැයකරන බවයි. එමෙන්ම ඔහු හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන්ද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සින්දු කරනු ලැබීය .
පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ , ඒ පිලිබඳ විමර්ශනයක් කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් පත් කර ඇති බවය .එම නිලධාරීන් පිරිස අද ( 15 ) දින සිටම විමර්ශන ආරම්භ කර ඇති බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්ය .
|