ඉකුත් මාර්තු මස 15 වැනිදා යේමනයේ පිහිටි හවුති කැරළිකරුවන්ගේ ඉලක්කයන් 800 කට අධික සංඛ්‍යාවකට ගුවනින් හා මුහුදෙන් එල්ල කළ ප්‍රහාරයන්ගෙන් හවුති කැරළිකරුවන් හා ඔවුන්ගේ නායකයන් සිය ගණනක් මරා දැමූ බව ඇමරිකානු හමුදාව විසින් නිවේදනය කර තිබේ.
පෙරේදා (27දා) ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් අගනුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඇමරිකානු මධ්‍යම ක්‍රියාන්විතය පවසා ඇත්තේ රතු මුහුදේ හා ඒඩන් කලපුවේ ගමන් ගන්නා නෞකාවලට එල්ල වන ඉරානයේ සහය ලබන හවුති කැරළිකරුවන්ගේ තර්ජනයන් නිම කිරීමට ඇමරිකානු හමුදාවන් විසින් කටයුතු කරමින් සිටින බවයි.