හිටපු ජනපති චන්ද්‍රිකාගෙන් උපන්දින පණිවුඩයක්

714


මා රට වෙනුවෙන් කළ ඇතැම් දෑ මටත් අමතක නම් රටේ ජනතාවට ඒවා මතක තිබේවි යැයි සිතීම උත්ප්‍රාසජනක බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය
සිය උපන් දිනය වෙනුවෙන් ෆේස්බුක් ගිණුමේ සටහනක් සඳහන් කරයි.1945 ජූනි 29 වැනිදා උපන් ඊයේ ඇයගේ 79 වැනි උපන් දිනය යෙදී තිබුණි.

මා මේ පොළොව මත ගතකළ හැත්තෑ නවවන වසර ගෙවා දමා අසූ වියට ප්‍රවේශ වීමි. මගේ මතකයේ සටහන් වී ඇති කාලයේ සිට මගේ රට වෙනුවෙන් එහි ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මා කළ කී දෑ බොහෝය.

මට අමතකවත් බොහෝ දෑ තිබිය හැකිය. ඒ ඇතැම් දේ මට ද අමතක නම්ඳා රටේ ජනතාවට ඒවා මතක තිබේවියැයි සිතීම ම උත්ප්‍රාසජනකය. එහෙත් ඊයේ දවස පුරා ලැබුණුඳා තවමත් ලැබෙන සුබපැතුම්වල මට ආදරය කරන දෙස් විදෙස් ජනතාව සිහිපත් කර තිබූ ඇතැම් මතක මට එක් දෙයක් පසක් කළේ ය.

මා කළ කී දෑ සියල්ල මතක නොතිබුණ ද බොහෝදෙනෙකුට තවමත් මතකයේ රැඳී ඇති පොදු යමක් ඇති බවයි. ඒ මගේ හදවතේ මේ රට වෙනුවෙනුත් එහි ජනතාව වෙනුවෙනුත් ඇති ආදරයෙහි අව්‍යාජත්වයයි. එය මට මහත් අභිමානයක් ඇති කළේය. දශක ගණනක් පුරා නොයෙක් විවේචන අපවාද මධ්‍යයේ වුව රට වෙනුවෙන් මගේ යුතුකම ඉටු කිරීමට මට ශක්තිය වූයේ ඔබේ ඒ ආදරය බව මම අදට ද විශ්වාස කරමි. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාට මගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි.

advertistmentadvertistment
advertistmentadvertistment