නඩුකාර හාමුදුරුවන්ට හිරගෙදරින් ලී අසුනක්

429

බන්ධනාගාරය තුළ වඩුකර්මාන්තයේ නියැළී සිටින රැඳවියෝ පිරිසක් අධිකරණයේ විනිසුරු ආසන තැනීමට කටයුතු කරමින් සිටිති.

මේ සඳහා අවශ්‍ය දැව වර්ග සැපයුම්කරුවන්ගෙන් ලැබුණු පසු එම ආසන තැනීමේ වැඩ ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවසීය.

මේ අනුව මීගමුව සහ අත්තනගල්ල අධිකරණ සඳහා මෙම විනිසුරු අසුන් තැනීම් ආරම්භ කිරීමට නියමිතය. ඉතා සාධාරණ මිලකට මෙම නිෂ්පාදනයන් මෙසේ අලෙවිකරන බව බන්ධනාගාරය කියයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment