හිරණ , බටහිර මාලමුල්ල ප්‍රදේශයේ නිවසක අද (29) අලුයම පැවති සාදයක් අතරතුර, යතුරුපැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු විසින් එම නිවසට ඇතුළු වී වෙඩි තබා පලා ගොස් ඇති බව වාර්තා වේ .
මෙම වෙඩි තැබීමෙන් දෙදෙනෙකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, එක් අයෙකු මිය ගොස් ඇත. මියගිය පුද්ගලයා වයස අවුරුදු 35 කි . තුවාල ලැබූ පුද්ගලයා වයස අවුරුදු 20කි. ඔවුන් බටහිර මාලමුල්ල, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
ටී 56 ගිනි අවියක් වෙඩි තැබීම ට භාවිතා කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හිරණ පොලිසිය විමර්ශන සිදු කරයි.