ශ්‍රීපාද උඩ මළුවේ හිස තෙල් ගෑමේ උත්සවය ශ්‍රීපාද භාරකාර දොරපනේ සුමනජෝති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16 දා) උදෑසන 9.04ට සිදු කෙරිණ.
ශ්‍රීපාද උඩ මළුවේ වැඩ සිටින මහා සංඝරත්නය, කපු මහතුන්, කාර්ය මණ්ඩලය, ආරක්ෂක අංශ නිලධාරීන් සහ ශ්‍රීපාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් හිස තෙල් ගෑමේ නැකතට එක් වී සිටියහ.
ශ්‍රීපාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධීශ්වර, ධර්ම කීර්ති
ශ්‍රී ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන්ගේ උපදෙස් පරිදි ශ්‍රීපාද උඩ මළුවේ හිස තෙල් ගෑමේ උත්සවය පැවැත්විණි.
නුවරඑළිය – නාලක රත්නායක