වසර 2000 කට වඩා පැරණි බෞද්ධ පෞරාණික වස්තූන් වෙන්දේසි කිරීමට ගෙන තිබූ තීරණය කල්දැමීමට හොංකොං හි අදාළ වෙන්දේසි ආයතනය තීරණය කර තිබේ.
සොතෙබ් නම් මෙම ආයතනය එම තීරණය ගෙන තිබේ. බුදුන් වහන්සේගේ භස්මාවශේෂ අසල තිබී මෙම පෞරාණික වස්තූන් 1898 වසරේදී හමු වී තිබිණි. මැණික් 1800 ක් ද එම භාණ්ඩ අතරට අයත්ය.
මෙම වෙන්දේසිය නතර කරන ලෙසත් එය නොකළහොත් දැඩි පියවර ගන්නා බවත් ඉන්දීය අගමැති මෝදි ද ප්‍රකාශ කර තිබිණි.