හොකී සම ශූරතාව ජෝශප් වාස්ට සහ ත්‍රිත්වට

65

සමස්ත ලංකා පාසල් අවුරුදු 18 න් පහළ

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ මෙහෙයවීමෙන් වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කෙරුණු සමස්ත ලංකා පාසල් අවුරුදු 18 න් පහළ හොකී තරගාවලියේ බාලක සම ශූරතාව දිනා ගැනීමට වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල සමත් විය.

මෙවර දෙවන අනු ශූරතාව මාතලේ ශාන්ත තෝමස් විදුහලට ද තෙවන අනු ශූරතාව මාතලේ සහිරා විදුහලට ද හිමි විය.

“බඳුන” ශූරතාව සමව දිනා ගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහල සහ කොළඹ ශාන්ත ජෝශප් විදුහල සමත් වූ අතර “පළිහ” සම ශූරතාව කොළඹ ඉසිපතන විදුහලට සහ මොරටුව වේල්ස් කුමාර විදුහලට හිමි විය.

මෙවර බාලිකා අංශයේ ශූරතාව කොළඹ රැගෙන යෑමට මියුසියස් විදුහල සමත් වූ අතර අනු ශූරතාව මාතලේට රැගෙන යෑමට ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහල සමත් විය. එකී දෙවන අනු ශූරතාව සමව දිනා ගැනීමට වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහල සහ පානදුර බාලිකා විදුහල නියෝජනය කළ ක්‍රීඩිකාවන්හට හැකියාව ලැබිණි.

“බඳුන” සම ශූරතාව මාතලේ ක්‍රිස්තුදේව විදුහල සහ නාවල ජනාධිපති බාලිකා විදුහල සතු විය.

“පළිහ” සම ශූරතාව කොළඹ විශාඛා විදුහල සහ කොළඹ කාන්තා විදුහල සතු විය.

මෙවර දක්ෂතම ක්‍රීඩකයා ලෙස ත්‍රිත්ව විදුහලේ එම්. ආර්කම් සම්මාන ලැබූ අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මියුසියස් විදුහලේ ජනදී ගමගේ තිළිණ ලැබුවාය. දක්ෂතම ගෝල් රකින්නා ලෙස ජෝශප් වාස් විදුහලේ ශිවෝන් මධූෂ ද දක්ෂතම ගෝල් රකින්නිය ලෙස විෂ්මී ගනසුන්දර ද සම්මාන ලබා ගත්හ.

මෙවර දෙවන පෙළ බාලක ශූරතාව උතුරට රැගෙන යෑමට යාපනය මහා විදුහල සමත් විය. එකී අනු ශූරතාව මාතලේ විජයපාල විදුහලට ද සම දෙවන අනු ශූරතාව මාතලේ ඇල්වල මහා විදුහලට හා මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ විදුහලට හිමි විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර


advertistmentadvertistment