හොර රූපලාවන්‍ය මාරයාට අත වනයි – GMOA කියයි

206

නීති විරෝධී හානිකර රූපලාවන්‍ය ප්‍රතිකාර සහ ආලේපන, කිසිදු නියාමනයකින් තොරව සමාජගත වීම හේතුවෙන් දැඩි මහජන සෞඛ්‍ය ගැටලු මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (10දා) අනාවරණය කළේය.

රට තුළ භාවිත වන රූපලාවන්‍ය ආලේපනවල රසායනික සංයුතිය සහ ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුව ප්‍රමාණවත් තරම් නොමැතිවීම ද මෙම ගැටලුව තවත් උග්‍ර කර ඇතැයිද එම සංගමය පවසයි.

මේ තත්ත්වය යටතේ රසායනාගාර පහසුකම් ලබාදීම මෙන්ම කෙටිකාලීනව මෙම ආලේපන පරීක්ෂා කිරීම සඳහා පහසුකම් සහිත දෙස් විදෙස් රසායනාගාර භාවිත කිරීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු කළ යුතු බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment