ළිඳකට වැටුණු සද්ධන්තයා මුදා ගනී

258

ගල්ගමුව දිවුල්ගනේ ප්‍රදේශයේ නිවසක බැඳ තිබූ ළිඳකට වැටුණු වන අලියෙකු මීගලෑව වනජීවි කාර්යාලය, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගල්ගමුව ප්‍රාදේශීය සභාව හා ප්‍රදේශවාසීන් එක්ව සිදු කළ දැවැන්ත මෙහෙයුමකින් පසු වන අලියා ගොඩට ගෙන කැලයට මුදා හැරීමට හැකියාව ලැබී තිබේ.

මේ දිනවල දිවුල්ගනේ ප්‍රදේශයේ නිවෙස් හා වගා භුමිවලට රංචු වශයෙන් වන අලින් කඩා වදිමින් සිටින බව ප්‍රදේශවාසීන් මැසිවිලි නගන අතර එසේ පැමිණ තිබෙන අලි රංචුවක් ප්‍රදේශවාසීන් එක්ව පලවා හැරීමට තැත් කිරීමේදී කුලප්පු වී දිව යාමේදී එක් අලියෙකු මෙලෙස ළිඳකට වැටී තිබේ.

ළිඳකට වැටුණු සද්ධන්තයා මුදා ගනී

පැය 7 ක් පමණ වන අලියා ළිඳ තුළ සිර වී සිටි අතර වනජීවි නිලධාරීන් පැමිණ ප්‍රදේශවාසීන්ගේ ද සහයෝගය සහිතව වන අලියා මුදා ගෙන ඇත. ගොඩට පැමිණ වන අලියා එක පිම්මට කැලයට දිව ගොස් තිබුණේ කුංචනාදයකින් තමනට උපකාර කළ මිනිසුන්ටද ස්තුතියද පළ කරමිනි.

කුමා රණසිංහ – ගල්ගමුව


advertistmentadvertistment