16 වැනි විජයග්‍රාහී රණවිරු සැමරුම සඳුදා

11

16 වැනි ජාතික විජයග්‍රාහී රණවිරු සැමරුම් උත්සවය මැයි 19 වැනිදා සවස 4.00ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩා සංකීර්ණය අසල ඇති රණවිරු ස්මාරකය අසලදී පැවැත්වෙන බව ආරක්ෂක ලේකම් එයාර්වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා මහතා ඊයේ (16 වැනිදා) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය.

“2009 මැයි 18 වැනිදා තිස් වසරක් පුරා පැවැති කුරිරු ත්‍රස්තවාදය තුරන් කර රටට සාමය උදාකර දෙන්න ත්‍රිවිධ හමුදා රණවිරුවන්, පොලිසිය, සිවිල් ආරක්ෂක අංශ සමත් වුණා. ඒ තුළ අපේ හමුදා සාමාජිකයින්, පොලිසියේ සාමාජිකයින්, සිවිල් ආරක්ෂක අංශයේ සාමාජිකයින් 27,000ක් පමණ තමන්ගේ ජීවිත පූජා කළා. ඊට වඩා විශාල පිරිසක් පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වුණා. අපි ජාතියක් හැටියට සියලු දෙනාටම ගෞරව කළ යුතුයි. ආදරණීය පවුල්වල සාමාජිකයින්ට ගෞරව කළ යුතුයි.

මෙම උත්සවය මැයි 19 වැනිදා පස්වරු 4.00 සිට සවස 6.00 දක්වා පැවැත්වෙනවා. එදිනට එදා යුධ ජයග්‍රහණය අත්කරගත් අවස්ථාවේ සිටි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු හමුදා ප්‍රධානීන් මියගිය රණවිරුවන්ගේ ළඟම ඥාතීන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අබියසදී පුෂ්පෝපහාර දක්වනවා. ජනාධිපතිතුමා නියෝජනය කරමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ද එදින සහභාගි වෙනවා. “ඒ වගේම එදින ආරක්ෂක ලේකම්වරයා, මහජන ආරක්ෂක ලේකම්වරයා ද මේ උත්සවයට එනවා.”

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment