ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී අද (29දා) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වා ඇත.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම වාර්තාවේ පිටපතක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙතද පිළිගැන්වූ අතර මහ බැංකුවේ උසස් නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.