රුවනී වාසනා ජයසුන්දරගෙන් නැවුම් ගීත දෙකක්…

188

සුභාවිත ගීත ගොන්නට මෑත කාලයේ නැවුම් ගීත දෙකක් දායාද කළ විශාරද රුවනී වාසනා ජයසුන්දර දිඹුලාගල කළුකැලේ විජයපරාක‍්‍රම විදුහලේ සහ දිඹුලාගල කාශ්‍යප මහ විදුහලේ දරුවන්ට පෙරදිග සංගීතය උගන්වන්නීය. ඇගේ පළමු නිර්මාණය ‘ගෙවූ කාලයෙ මතක’ නම් වූ ගීතයයි. එහි පද රචනය චන්දු කැප්පෙටිපොළ ගෙනි. එහි සංගීත නිර්මාණය විශාරද කවීන් රූපසිංහගෙනි. දෙවැනි ගී නිර්මාණයේ පද සංකල්පනාව රසික ඞී. දුමින්ද ගෙනි. ‘ආදරය භාවනාවක් ’ නම් වූ එම ගීතයට සංගීතය නිර්මාණය කර ඇත්තේ විශාරද දර්ශන වික‍්‍රමතුංගයි.

”දිඹුලාගල මිල්ලාන ප‍්‍රාථමික විදුහල. වාදාකඩ මහ විද්‍යාලය, විලයාය සහ සිරිපුර ජාතික පාසල්වලින් මම ඉගෙන ගත්තා. මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප‍්‍රාසාංගික කලාවේදී (විශේෂ) උපාධිය හැදෑරුවා. දැන් දිඹුලාගල පාසල් දරුවන්ට සංගීත දැනුම බෙදා දෙන ගමන් නිර්මාණ කරණයේ යෙදෙනවා. ඉදිරියටත් ප‍්‍රදේශයේ දක්ෂතා ඇති දූ පුතුන්ගේ ගායන වාදන මෙන්ම රංගන කුසලතා දියුණු කරන්න මහන්සි වෙනවා.

ඞී.ජී.ජයරත්න සහ නයනප‍්‍රිය යන දිඹුලාගල අධ්‍යාපන කලාපයේ සංගීත ගුරු උපදේශකවරු දෙදෙනා තමයි මගේ සංගීත දිවියට මූලික අත්තිවාරම දැම්මේ. ඊට අමතරව ළදරු පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා වූ සියලූම ගුරුවරු මම ගෞරවයෙන් සිහිපත් කරනවා. මේ ගමන යන්න ලොකු ශක්තියක්වන ආදරණීය නඳුන් හා සරසවි හා නයන රූ කලා සංසදවල සියලූම දෙනාත් මගේ මිතුරු මිතුරියන් ආදරයෙන් මතක් කරනවා. සමාජ මාධ්‍ය හරහා ගීත ප‍්‍රචාරය කරන්න ඒ අය ලොකු දායකත්වයක් ලබා දෙනවා. සුභාවිත ගී ගොන්නට ඉදිරියටත් නව නිර්මාණ එකතු කරන්න බලාපොරොත්තු වෙනවා.

ප‍්‍රසන්න සිල්වා

රුවනී වාසනා ජයසුන්දරගෙන් නැවුම් ගීත දෙකක්...
advertistmentadvertistment
advertistmentadvertistment