අයිස් සමඟ ඇල්ලූ තරුණයා ළඟ ගල්කටස්

221

මහරගම පොලිස් වසමේ ඇරවල ප්‍රදේශයේ පදිංචිව සිටින තරුණයකු මෙත් ඇම්පිටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමෙහි නියැලෙන බවට ලද තොරතුරක් මත සැකකරු සම්බන්ධයෙන් කළ පරීක්ෂාවේදී ඔහු සන්තකයේ තබාගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 520 ක ප්‍රමාණයක් සහ නිවසේ රහසිගත ස්ථානයක සඟවා තිබූ මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ කුඩා ගිනි අවියක් සොයා පොලිස් භාරයට ගැනීමට හැකි වූ බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි.

පෙරේදා (27) දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන සිදුකළ අත්අඩංගුවට පත් සැකකාර තරුණයා ඇරැව්වල පාරල පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි (35) වැනි වියේ පසුවන අයෙක් බවත් රැකියාව වශයෙන් හෝමාගම ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ කර්මාන්ත ආයතනයක යන්ත්‍ර ක්‍රියාකරුවකු වශයෙන් සේවය කර ඇති බවත් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කර සිටී.


advertistmentadvertistment