69 වැනි ජාතික බිලියඩ් ශූරතාවලිය

29

69 වැනි ජාතික බිලියඩ් ශූරතාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය මෝටර් රථ සංගමයේ බිලියඩ් ශාලාවේදී පසුගියදා පැවැත්විණි.

මෙම තරගාවලිය Billiards and Snooker Association of Sri Lanka (B&SA SL) විසින් මෙහෙයවන ලද අතර ලංකා ඔටෝ මොබයිල් සංගමය (AAC)
අනුග්‍රහය දක්වන ලදී.

69 වැනි ජාතික බිලියඩ් ශූරතාවලිය

මුවර්ස් ක්‍රීඩා සමාජයේ එම්. අයි. තාහා ශූරතාව දිනාගත් අතර අනුශූරතාව ලංකා යුද හමුදාවේ සුසන්ත වික්‍රම දිනා ගත්තේය.

ජනාධිපති ආරක්‍ෂක උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ජයග්‍රාහී කුසලානය ප්‍රදානය කළ අතර ලංකා ඔටෝ මොබයිල් සංගමයේ සභාපති ධම්මික ආටිගල මහතා අනුශූරතා කුසලානය පිරිනැමීය. පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්,බිලියඩ් සංගමයේ උප අනුශාසකවරුන් වන ෂෆීක් රාජාබ්දීන් සහ සුරේෂ් හෂීම් සහ ඔටෝමොබයිල් සංගමයේ විධායක කමිටු සාමාජිකයන් වන කීර්ති ගුණවර්ධන (උප සභාපති), පී. එච්. ලියනගේ (සභාපති බිලියඩ්) සහ දේවප්‍රිය හෙට්ටිආරච්චි (ලේකම්) යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ. සාගල රත්නායක මහතා විසින් ජයග්‍රාහී කුසලානය ප්‍රදානය කරන අයුරු ඡායාරූපයේ දැක්වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, ධම්මික ආටිගල (සභාපති – – AAC) සහ බිලියඩ් සංගමයේ සිහාම් හුසේන් – සභාපති, කුමාර් ලැනරෝල් (ලේකම්) සහ නිරංජන් අබේසේන (තරගාවලි ලේකම්) ද මෙම අවස්ථාවට එක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment