ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන
ඡයාරූප ප්‍රදර්ශනය 20 දා සිට කැලිෆෝනියාහිදී
වසර ගණනාවකට පසු ශ්‍රී ලංකාව මේ දිනවල සංචාරක කර්මාන්තයෙන් ඉතා ඉහළින් පිබිදෙමින් සිටින කාලයකි මේ. පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව සියයට සියය ඉක්මවා සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින බව සංචාරක වාර්තා පෙන්වා දෙයි. කොවිඩ් වසංගතය හා ඒ පසුපස ආ ආර්ථික අර්බුදය නිසා බෙහෙවින් බැට කෑ ශ්‍රී ලංකාව, යළිත් සංචාරක කර්මාන්තයෙන් පිබිදීම අනාගතය පිළිබඳව සුබ ලකුණු පහළවීමක් වන අතර ආර්ථික අර්බුදයකින් බැටකන ජාතියට අරුණළු උදාවීමකි.
මෙසේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට වසන්තය උදාවෙද්දී අපට අත්‍යවශ්‍ය කාරණයක් වන්නේ මෙසේ පැමිණෙන සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් සැලසීම මෙන්ම, ඔවුන්ට ශ්‍රී ලංකාවේ පරිසරය, ජෛව විවිධත්වය, කලාව, සංස්කෘතිය යනාදිය රසවින්දනය සඳහා අවස්ථාව ලබාදීමත් විශේෂයෙන්ම තව තවත් සංචාරකයින් ශ්‍රී ලංකාව වෙත කැඳවාගැනීම සඳහා ප්‍රචාරාත්මක යාන්ත්‍රණයක් දියත් කරගැනීමත්ය. මෙම යාන්ත්‍රණය දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් දෙආකාරයකින් ක්‍රියාවට නැගීමද එකසේ වැදගත් කාරණයකි. එසේ කටයුතු කරන යාන්ත්‍රණ ඇත්තේ ඉතා ස්වල්පයකි. ඒ අතරින්ද විදේශයන්හි සිට ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය සඳහා කටයුතු කරන ආයතන හෝ වැඩසටහන් ඇත්නම් ඒ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙන් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.
ඒ අනුව බලන කල ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගාසිටුවීම සඳහා වසර හතරක සිට ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් සිට ක්‍රියාවට නැගෙන ”Sri Lanka in Focus in LosAngeles – Beauty of Sri Lanka˜ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන මෙසේ විදේශීය වශයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා සිදුකරනු ලබන ඉතා වැදගත්, ප්‍රමුඛ වැඩසටහනකි. ලොස්ඇන්ජලීස් හි “ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය” (Consulate Genaral of Sri Lanka) සහ “ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය” (Sri Lanka Tourism Promotion Bureau) හා එක්ව “ලොස්ඇන්ජලීස් ඇමෙරිකා – ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය” – America Sri Lanka Photographic Art Society Los Angeles – ASPAS මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ මෙම වැඩසටහනේ මීළඟ නොහොත් සිව්වැනි වැඩසටහන “Beauty of Sri Lanka – 2024” ඡයාරූප හා කලා ප්‍රදර්ශනය මෙවරත් පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව “ලොස්ඇන්ජලීස් ඇමෙරිකා – ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය” සහ එහි සභාපති සූරිය ජයලත් පෙරේරා මහතා පවසයි.
සෑම වසරකදීම අප්‍රේල් මසට යෙදෙන “ලෝක මිහිතල දිනය” සැමරීම නිමිත්තෙන් පැවැත්වෙන මෙම අභිමානවත් උළෙලේ මෙවර ප්‍රදර්ශනය හා ප්‍රවර්ධන වැඩසටහන අප්‍රේල් මස 20-21 දෙදින ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස්හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේදී – University of California in Los Angeles (UCLA) පැවැත්වෙන අතර ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පීන්ට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඡායාරූප ශිල්පීන් 10 දෙනකු සහ විද්‍යුත් හා මුද්‍රිත ක්ෂේත්‍රවල මාධ්‍යවේදීන් දෙදෙනකු ද සහභාගී වීමට නියමිතව ඇත. දින 21 පුරා ඇමෙරිකාවේ සුන්දර හා වැදගත් ස්ථාන රැසක් ආවරණය කරමින් පැවැත්වෙන ප්‍රදර්ශනය හා ඡායාරූපකරණ වැඩමුළුව සඳහා සහභාගිත්වය තහවුරු කර ඇති ශ්‍රී ලාංකික ඡායාරූප සහ මාධ්‍ය කණ්ඩායම කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ප්‍රධාන ඡායාරූප ප්‍රදර්ශනය හා සමාරම්භක උත්සවයට අමතරව මෙවර වැඩසටහනේදී තවදුරටත් සංවිධානය කර අප්‍රේල් මස 25-26 දෙදින නිව්යෝර්ක් හිදී (Permanent Mission of to the United Nations Sri Lanka – New York) පැවැත්වෙන “Beauty of Sri Lanka – 2024” දෙදින ප්‍රදර්ශනය සඳහා ද, මැයි මස 04 වැනිදා වොෂින්ටන් ඩී සී හිදී (The Embassy of Sri Lanka in Washington DC) පැවැත්වෙන එක් දින “Beauty of Sri Lanka – 2024” ප්‍රදර්ශනය සඳහා ද සහභාගි වේ.
ඡායාරූපකරණ වැඩසටහනේදී “යොසෙමිටේ” (Yosemite) ජාතික උද්‍යානය ඇතුළු පාරිසරික වශයෙන් වැදගත් ස්ථාන රැසක් නැරඹීම සහ එහි වැඩමුළු ක්‍රියාත්මක කිරීමට “ලොස්ඇන්ජලීස් ඇමෙරිකා – ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය” America Sri Lanka Photographic Art Society Los Angeles – ASPAS) සැලසුම් කර ඇති අතර තවත් සුවිශේෂී කටයුත්තක් ලෙස ඇමෙරිකාවේ පිහිටි සුප්‍රකට “නාසා” (NASA) ගගන ගාමී ආයතනය නිරීක්ෂණය සඳහා ද, ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික විද්වතුන් මුණගැසීම සඳහා ද සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් “Beauty of Sri Lanka – 2024” මෙවර ඡායාරූප ප්‍රදර්ශනය සහ වැඩමුළුව සඳහා ශ්‍රී ලංකාවේ සිට සහභාගි වන්නේ විමුක්ති වීරතුංග, ලක්ෂිත කරුණාරත්න, කේ. ජී. කීර්තිරත්න, රවීන්ද්‍ර රණසිංහ, කසුන් බණ්ඩාර හුලංගමුව යන අය වන අතර, ඇමෙරිකාවේ සිට සූරිය ජයලත් පෙරේරා, ඇන්ඩි සමරසේන, සංජය වර්ණසූරිය, ශාන්ත වීරසිංහ, මේධනී රත්නායක යන අය සහභාගි වෙති. මෙම කණ්ඩායමේ සාමාජිකයින් කිහිපදෙනකු විසින් වන හා මුහුදු ජීවීන් සහ විවිධ තේමාවන් ඔස්සේ ඡායාරූපකරණය පිළිබඳව වැඩසටහන් කිහිපයක් පැවැත්වීමටද නියමිතව ඇත.
“ලොස්ඇන්ජලීස් ඇමෙරිකා – ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය” – America Sri Lanka Photographic Art Society Los Angeles මගින් Beauty of Sri Lanka ඡායාරූපකරණ ප්‍රදර්ශනය පවත්වනු ලබන්නේ 2018 වසරේදී පටන්ය. ඒ සංගමයේ සභාපති සූරිය ජයලත් පෙරේරා මහතාගේ ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනයක් ලෙසිනි. සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ඡායාරූප ප්‍රදර්ශනය ලෝකයේ ඉතා ප්‍රකට විශ්වවිද්‍යාලයක් වන කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේදී (UCLA) පළමුවරට පවත්වන ලද අතර, 2019 වසරේදී එහි දෙවැනි ප්‍රදර්ශනය පවත්වනු ලබන්නේ ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පීන් 10 දෙනකුගේ සහභාගිත්වයෙනි. එනමුත් කොවිඩ් වසංගතය නිසා වසර තුනක් ඇනහිටි ප්‍රදර්ශනය නැවත 2023 සිට සංගමය මගින් ක්‍රියාවට නංවන ලද අතර, මෙවර 2024 වසරේදී එය පවත්වනු ලබන්නේ උත්කර්ෂවත් ලෙසිනි. එනම්, මෙවර ප්‍රදර්ශනය ස්ථාන තුනකදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එසේ හෙයින් මෙවර ”Beauty of Sri Lanka-202” වැඩසටහන ඇමෙරිකාවේ ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා මහඟු අවස්ථාවක් නිර්මාණය කරනු ඇතැයි විචාරකයින්ගේ අදහසයි.
● ජගත්
සංස්කරණය – ජගත් කණහැරආරච්චි