මෙරට ප්‍රමුඛතම සූර්ය බලශක්ති සැපයුම්කරු වන Hayleys Solar විසින් ගෝලීය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන BYD සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ වෙත අති නවීන බලශක්ති ගබඩා සහ ඉන්වර්ටර් විසඳුම් පසුගියදා හඳුන්වා දෙන ලදී.

මේ ඔස්සේ රටේ බලශක්ති ආරක්ෂාව සහ ස්වාධීනත්වය පිළිබඳ සැලකිය යුතු ඉදිරි පියවරක් සනිටුහන් කෙරේ.

BYD හි දියුණු බලශක්ති තාක්ෂණය ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම කෙරෙහි BYD Energy Systems සමඟ ගොඩනඟා ගත් මෙම සහයෝගීතාවය බෙහෙවින් ඉවහල් වේ. මෙම උසස් තාක්ෂණික විසඳුම් LV 5.0. LV 5.0 Plus. Battery-Box Premium HVS. Battery-Max LiteIn සහ Solar Hybrid Inverters ආදී විසඳුම් රැසකින් සමන්විතය. මෙම පද්ධති සතු කාර්යක්ෂමතාවයෙන් ඉහළ, ප්‍රමාණය වැඩි කළ හැකි , වටිනා විසඳුම් සමඟින් ගෘහස්ථ මට්ටමේ මෙන්ම ව්‍යාපාර කටයුතු සඳහා ද ප්‍රශස්ත බලශක්ති භාවිතයක් සඳහා අවස්ථාව උදා කර දෙයි.

ශ්‍රී ලංකාව තුළ දිනෙන් දින බලශක්ති ඉල්ලු‍ම මෙන්ම විකල්ප බලශක්තීන්, බලශක්ති ආරක්ෂාව සහ දිගුකාලීන තිරසාරභාවය පිළිබඳ අවශ්‍යතාවය ඉහළ යමින් පවතින තීරණාත්මක අවස්ථාවක් මධ්‍යයේ මෙම හඳුන්වාදීම සිදුකිරීමද විශේෂත්වයකී. අන්තර්ජාතික වශයෙන් ඉහළ පිළිගැනීමක් ලද BYD හි තාක්‍ෂණය පිරිසිදු මෙන්ම වඩාත් බුද්ධිමත් බලශක්ති යටිතල පහසුකම් සැලසීම කෙරෙහි ප්‍රබල දායකත්වයක් සපයනු ඇත.


advertistmentadvertistment