DFCC බැංකුවේ ගනුදෙනුකරුවන්ට John Keells Properties හී ජා-ඇළ ’විමන්‘ නිවාස ව්‍යාපෘතියේ ආදර්ශ නිවහන නැරඹීමට අවස්ථාව උදාවේ

83

John Keells Properties සමාගම DFCC බැංකුව සමගින් ඇති කරගනු ලැබූ සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගනිමින් සිය වටිනා බැංකු ගනුදෙනුකරුවන් හට, John Keells Properties හී ජා-ඇල නවීනතම ’විමන්‘ නිවාස ව්‍යාපෘතියේ ආදර්ශ නිවහන නැරඹීමට ආරාධනා කළේය.

DFCC බැංකුව උපායමාර්ගික හවුල්කාරීත්වය යටතේ, තම ගනුදෙනුකරුවන් අතර සිටින අනාගත නිවාස හිමියන්ට සහ ආයෝජකයින්ට විමන් හි ඔවුන්ගේ අනාගත නිවාස සිහිනය සැබෑ කර ගැනීමට වටිනා අවස්ථාවක් සලසා දෙමින් ඒ සඳහා ආකර්ෂණීය වූ නිවාස ණය යෝජනා විසඳුම් ලබා දීමට ඉදිරිපත්ව සිටියි. මෙම සුවිශේෂී උත්සව අවස්ථාව, කොළඹ 02, වොක්ෂෝල් වීදියේ පිහිටි John Keells Properties සමාගමෙහි ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ජා-ඇළ ’විමන්‘ මහල් නිවාස ව්‍යාපෘතියේ ආදර්ශ නිවහනේදී පැවැත්විණි. John Keells Properties සමාගමේ පළපුරුදු අලෙවි උපදේශක කණ්ඩායම විසින් පැමිණ සිටි නිවාස අපේක්ෂිත ආරාධිතයන් හට තම නිවාස වෙනුවෙන් ලඟා විය හැකි නිවාස ණය යෝජනා විසඳුම් සහ එහි ප්‍රතිලාභ පිළිබඳව අවබෝධයක් ලබා දෙනු ලැබීය. මෙම අගනා සබඳතාවය හරහා පාරිභෝගිකභවතුන් හට නිවාස ව්‍යාපෘතිය සහ එහි සුවිශේෂී දීමනා පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට හැකි විය.

මේ අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් John Keells Properties හි විකුණුම් හා අලෙවි ප්‍රධානී සහ John Keells Group හි උප සභාපති නදීම් ෂම්ස් මහතා මෙසේ පැවසීය. ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කර ඇති John Keells Properties සමාගම සමග DFCC බැංකුවේ ගනුදෙනුකරුවන් වන නිවාස අපේක්ෂාවෙන් සිටින නිවාස හිමියන් මෙම අවස්ථාවට සම්බන්දවීම පිළිබඳව මම ආඩම්බර වෙනවා. ‘විමන්‘ නිවාස ව්‍යාපෘතිය ජා-ඇළ නගර මධ්‍යයේ වර්තමාන ජීවන රටාව ගැලපෙන අයුරින් සහ නිවැසියන්ට පදිංචියට සුදුසු සාමකාමී පරිසරයක් නිර්මාණය කර දෙනවා. කොළඹ වරාය හා අධිවේගී මාර්ගයට පිවිසීමට ඇති පහසුව ජා-ඇළ විමන් සතු සුවිශේෂී ප්‍රතිලාබයක්. අපගේ ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය ණය යෝජනා පැකේජ පිරිනැමීමට DFCC බැංකුව සමග එක් වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment