EPF සේවා තාවකාලිව නතරවේ

812

කම්කරු දෙපාර්තමේන්තුවේ සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි සහ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් දිවයින පුරා කම්කරු කාර්යාලවල කටයුතු අද ( 21 ) සිට අනිද්දා ( 23 ) දක්වා සේවා සැපයීම සීමා කර ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ .

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල් පූර්ණ ප්‍රතිලාභ ගෙවීම, සේවක අර්ථසාධක අරමුදල් මියගිය සාමාජික ප්‍රතිලාභ ගෙවීම, සේවක අර්ථසාධක අරමුදල් සියයට 30 ක ප්‍රතිලාභ ගෙවීම, නව ආයතන ලියාපදිංචි කිරීම සහ බී කාඩ්පත් සංශෛා්ධනය කිරීම යන සේවා තාවකාලිකව අත්හිටුවා ඇත .

එම සේවා සඳහා දුරකථනයෙන් දිනයක් සහ වේලාවක් වෙන්කරගත් සේවාලාභීන්ට නැවත සේවා ආරම්භ කළ පසු ප්‍රමුඛතාව ලබාදෙන බවත් සේවා අත්හිටුවීම නිසා සේවාලාභීන් වන අපහසුතාව සම්බන්ධයෙන් කණගාටුවන බවත් කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ .


advertistmentadvertistment