ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කැලණියේ පිහිටි නවීනතම කර්මාන්තශාලා පරිශ්‍රයේදී පසුගියදා විශේෂ වැඩසටහනක් සංවිධානය කිරීමට Ex-pack Corrugated Cartons සමාගම පසුගියදා පියවර ගෙන තිබුණි.
යහපත් මානසක සෞඛ්‍යක් පවත්වා ගැනීමේ වැදගත්කම සහ ඒ වෙනුවෙන් Ex-pack Corrugated Cartons සමාගම ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ අවබෝධයක් පිරිනැමීම එහිදී සිදු විය. තුන්සියයක් පමණ වන එහි කාර්ය මණ්ඩලය වෙනුවෙන් පුළුල් විවිධත්ව” සමානාත්මතා සහ අන්තර්කරණ (Diversity, Equity, inclusion) ප්‍රතිපත්ති සහිත සක්‍රීය පරිසරයක් සහතික කිරීමට සමාගම සිදුකරනු ලබන වැඩසටහන් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.