ලසිත විමලරත්න /ප්‍රධාන විධායක නිලධාරි HNB ඇෂුවරන්ස් සමාගම
HNB ඇෂුවරන්ස් PLC (HNBA) නවතම LMD 100 ශ්‍රේණිගත කිරීම්වල සැලකිය යුතු ප්‍රගතියක් සනිටුහන් කරමින් ශ්‍රේණි 13 කින් ඉහළ ගොස් 64 වන ස්ථානය හිමි කර ගෙන ඇත.
මෙමගින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගමක් ලෙස වන තම ප්‍රතිරූපය HNB ඇෂුවරන්ස් නැවතත් තහවුරු කර ගෙන තිබේ. පසුගිය වසර කිහිපය තුළ HNB ඇෂුවරන්ස් තම අරමුණ තුළ ශක්තිමත්, නැණවත් සහ වඩාත් ඒකාබද්ධ වී ඇති අතර, මුහුණ දෙන්නට සිදු වන අභියෝග ප්‍රගතිය සඳහා වන අනගි අවස්ථා බවට පෙරළමින් සිය මෙහෙයුම්වල සෑම අංශයක්ම වඩාත් කාර්්‍යක්‍ෂම කරන්නටද සමත්වී ඇත.
LMD 100 ශ්‍රෙණිගත කිරීම වනාහි ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත ප්‍රසිද්ධ සමාගම්වල මූල්‍ය ක්‍රියාකාරිත්වය වාර්ෂිකව ඇගයීමට ලක් කරන ප්‍රකට ශ්‍රේණිගත කිරීමකි. 2026 වන විට 10% ක වෙළෙඳපොළ කොටසක් අත් කර ගැනීමේ අභිලාෂ පිරි ගමනේ පුර්ව අත්‍යන්ත අදියරට ලැබුවාවු 2025 වසර මුල පුරන හෙයින්, මෙම වසර ආරම්භයෙහි සිටම පසුගිය වසර කිහිපය තුළ පවත්වා ගෙන ආ වර්ධන ගම්‍යතාව වඩාත් ක්‍රමානුකුලව උපයෝගී කර ගැනීමට HNB ඇෂුවරන්ස් සැලසුම් කරමින් සිටියි. ඉහත ඉලක්කය වනාහි ක්‍ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස තම ප්‍රතිරූපය තහවුරු කර ගැනීම එය වැඩිදියුණු කිරීම සහ ඒ සඳහා නිසි ලෙස ස්ථානගත වීම අරමුණු කරගත්තකි. සමාගම අත් කර ගෙන ඇති ශ්‍රේණිගත කිරීම ගැන අදහස් දැක්වු HNB ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලසිත විමලරත්න මහතා LMD 100 ශ්‍රේණිගත කිරීම මගින් අපගේ විශිෂ්ට කණ්ඩායමේ සාමූහික ප්‍රයත්න මෙන්ම අපගේ ගනුදෙනුකරුවන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබිඹු වෙයි. මේ අනුව අපගේ මූලික ව්‍යාපාරය ශක්තිමත් කිරීමට, නවෝත්පාදන ආදේශ කර ගැනීමට සහ අපගේ සියලුම පාර්ශවකරුවන්ට තිරසාර අගයක් ලබා දීමට HNB ඇෂුවරන්ස් කැපවී සිටිය’ යැයි පැවසීය. සඳහා සම්මාන රැසක්ද දිනා ගන්නට HNB සමත්වී ඇත.