IMF නැතිව පුළුවන් කියා කවුරුන් හෝ මෝඩ වීර ප්‍රකාශ කරනවා නම් එය ලෝක විහිළුවක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දිවුලපිටියේදී කියයි

63

මේ දිනවල සමහර දේශපාලන පක්ෂ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැතිව වැඩ කරන බව පවසන බවත් එම මෝඩ කතාවට නොරැවටෙන ලෙස ලක්ෂ 220ක් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ලෝක ආර්ථික රටාව හා වෙළෙඳ රටාව පදනම් වී ඇත්තේ දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු නිර්මාණය වූ ජාත්‍යන්තර මූල්‍ය නීති පද්ධතිය තුළ බවත් අයි.එම්.එෆ් එක ලෝක බැංකුවල GAT එක WTO එක ආදිය හරහා ලෝක ආර්ථික රටාව නිර්මාණය වී ඇති බවත් IMF එක නැතිව මේ ගමන යන්න පුළුවන් කියා කවුරුන් හෝ මෝඩ වීර ප්‍රකාශයක් කරනවා නම් එය ලෝක විහිළුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඉකුත් (14)දා ගම්පහ දිවුලපිටිය හුණුමුල්ල මහ විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 237 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී පාසලේ නැටුම් කණ්ඩායම සඳහා ඇඳුම් සපයා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් පාසල් සංවර්ධන ගිණුමට පරිත්‍යාග කිරීමද සිදු කළේය. වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.

ජනතාවගේ පැත්තෙන් වාසිදායක වන IMF එකඟතාවකට යොමුවෙන්න හැකියාවක් තිබිය යුතු වුවත් අද එවැනි දෙයක් සිදුව වෙලා නැහැ. ජනතාවගේ දුක කඳුළ වේදනාවට මුල්තැන ලබාදී IMF ගිවිසුම් අත්සන් කර නැහැ. මේ ගිවිසුම රජයත් පාලකයෝත් අහසේ සිට කැටි වළාකුළුවල සිට මහපොළොවට පය නොගහ අත්සන් කරන ලද ජනතාවාදී නොවන ගිවිසුමකි.

IMF එක හරහා ආර්ථික ප්‍රතිසංස්කරණ, ප්‍රතිව්‍යුහගත කිරීම් සිදු කරද්දී ඒවා රටට අදාළ ඒවා හා උචිත ඒවා විය යුතුයි. මේ ගිවිසුම් මානුෂීය විය යුතුයිග මිනිසාගේ පරම යුතුකම මිනිසා රැකගැනීම හා ජීවත් කරවීම වුවත් මේ ගිවිසුමේ පරම යුතුකම වී ඇත්තේ මිනිසා රැක ගැනීම නොව මිනිසා විනාශ කිරීමය.

IMF නැතිව පුළුවන් කියා කවුරුන් හෝ මෝඩ වීර ප්‍රකාශ කරනවා නම් එය ලෝක විහිළුවක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දිවුලපිටියේදී කියයි

එ නිසා සමගි ජන බලවේග රජයක් තුළ මේ ගිවිසුම සංශෝධනය කරනවාග ඒ බව එළිපිටම IMF නියෝජිතයන්ට පවා පවසා තිබෙනවා.

එමෙන්ම IMF නැතිව බංකොලොත් අප රට ගොඩගත හැකි යැයි කවුරුන් හෝ පවසවා නම් එය බොරුවක් හා මිත්‍යාවකි. අප රටට IMF මැදිහත්වීම අවශ්‍යයි. එහිදී රට පැත්තෙන් ජනතාව පැත්තෙන් වාසියක් සහනයක් වන ගිවිසුමකට එළැඹිය යුතුයි.

ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලයේ ලලිත් ඇතුළත්මුදලි ඇමැතිතුමා අපනයන ප්‍රවර්ධන ගම්මාන ඇති කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. එය දඹදෙණියෙන් ආරම්භ වූවා. සමගි ජන බලවේග රජයක් තුළත් අපනයන ප්‍රවර්ධනය කරන බවත් මහා පරිමාණ කර්මාන්තශාලා මෙන්ම ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ස්වයං රැකියාලාභීන්ද මේ සඳහා බද්ධ කර ගන්නවාග සුහුරු අධ්‍යාපනය සේම සුහුරු ව්‍යවසායකයා ගොඩනගනවා. නව තාක්ෂණයෙන් සවිබල ගැන්විය යුතුයි. සමූහයක් ලෙස කෙරෙන කර්මාන්ත ගම්මාන අපනයන ප්‍රවර්ධන ගම්මාන බවට පත් කළ හැකයි. ඒ යුතුකමත් සමගි ජන බලවේගය සිදු කරනවා.

IMF නැතිව පුළුවන් කියා කවුරුන් හෝ මෝඩ වීර ප්‍රකාශ කරනවා නම් එය ලෝක විහිළුවක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දිවුලපිටියේදී කියයි

පොරොන්දු දේශපාලනය විශ්වාස කරන්න එපා පොරොන්දු දෙනවා විතරයි කරන්නෑ යැයි ඇතැමුන් කියනවා. එම කතාව අනික් අයට අදාළ වුවත් මට අදාළ නැහැ. මේ සක්වල හා හුස්ම කියන්නේ පොරොන්දු ඉටු කිරීමක්ග මේ වන විට පාසල්වලින් රෝහල්වලින් පවා අදාළ ඇමැතිවරයාට නොව මගෙන් විශාල ඉල්ලීම් ප්‍රමාණයක් සිදු කරනවා. කවුරු මොන දේශපාලන කතා හැදුවත් මා පොරොන්දු ඉදිරිපත් කරනවා. එය බාරගන්නවාද නැද්ද කියන එක ජනතාවගේ කැමැත්තය. 2019 දීත් මා ඉදිරිපත් කළ පොරොන්දු ජනතාව බාර ගත්තේ නැහැ. එදා මා කියූ බොහෝ දේවල් යථාර්ථයක් වී රට බංකොලොත් වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment