පාස්කු ප‍්‍රහාරය ගැන දැනුවත් කිරීම: ‘සූම්’ සාකච්ඡාවෙන් හෙළිකළ තොරතුරු ගැන සී. අයි. ඞී. විමර්ශන

450

පසුගිය 23 වැනිදා අන්තර් ජාතික යුක්ති සංසදය විසින් 2019 අපේ‍්‍රල් 21 වැනිදා සිදුවූ පාස්කු ප‍්‍රහාර මාලාව පිළිබඳව දෙස් විදෙස් ජනතාව දැනුවත් කිරීම සඳහා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡුාවේදී අනාවරණය කර ඇති කරුණු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27දා) කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට වාර්තා කළේය.

එම සාකච්ඡුාවේදී තමා සම්බන්ධයෙන් අසත්‍ය කරුණු සඳහන් කර ඇති බවට රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලෙයි මහතා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව එකී විමර්ශන ආරම්භ කළ බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ලලිත දිසානායක මහතා ඉදිරිපත් කළ තොරතුරු වාර්තාව මගින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතාට වැඩිදුරටත් වාර්තා කළේය.

පැමිණිලිකරු ඇතුළු සියලූ පාර්ශ්වවලින් ප‍්‍රකාශ සටහන් කර ඒ සම්බන්ධයෙන් සිදුකරන ඉදිරි විමර්ශනවල ප‍්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට පියවර ගන්නා බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ එම තොරතුරු වාර්තාව මගින් අධිකරණයට දන්වා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment